අප පිළිබඳ
වයඹ පළාත තුළ විවිධ හේතූන් නිසා දිළිදු අසරණභාවයට පත් පුද්ගලයින් වන ආබාධිත පුද්ගලයින්, රෝගීන්, වැඩිහිටියන් පත්ව ඇති අවාසිදායක තත්වයන් අවම කිරීම උදෙසා සහන සේවා සැපයීම සිදුකරනු ලබයි. මේ යටතේ,
« ආබාධිත පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම, උපකරණ ලබාදීම
« වැඩිහිටි ප්‍රජාවගේ අවශ්‍යතා රැකවරණය සැලසීම, සහන සැලසීම
« පිළිසරණීය නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස ආධාර ලබාදීම
« ආබාධිත දරුවන් සඳහා වූ පෙර පාසල් හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පවත්වා ගෙන
යාම
« විසුරුණු පවුල් වල දරුවන් සඳහා වූ ශිෂ්‍යාධාර වැඩසටහන
« අඩු ආදායම්ලාභී ප්‍රජාවට මහජනාධාර, රෝගාධාර, අනියම් සහනාධාර ලබාදීම
« මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථානපය කිරීම
« තැලසීමියා, පිළිකා, ක්ෂය රෝග, ලාදුරු වැනි රෝග සඳහා මාසික රෝගාධාර මෙන්ම එම පවුල් උදෙසා වූ උපදේශන හා පුනරුත්ථාපන වැඩසටහන් කිරීම
« දිළිදු ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමෙහිලා ස්වයං රැකියා ආධාර ලබාදීමේ
වැඩසටහන්ද මෙම දෙපාර්තමේන්තුව මගින් ඉටු කරනු ලබයි.