සිසුමිණ

සිසුමිණ අධ්‍යාපන ශිෂ්‍යාධාර

විශේෂ ව්‍යාපෘතිය.

අධ්‍යාපන ශිෂ්‍යාධාර ගෙවනු ලබන්නේ කාටද?

වයඹ පළාත තළ ස්ථීර පදිංචි පවුලේ මාසික ආදායම රු: 3000 ට අඩු

« වැන්දඹු පවුල්වල අධ්‍යාපනය ලබාන දරුවන්

« විසිරුණු පවුල්වල අධ්‍යාපනය ලබාන දරුවන්

« මව හෝ පියා බරපතල රෝගී තත්ත්වයට පත් පවුල්වල දරුවන්

« මව හෝ පියා බරපතල ආබාධිත තත්ත්වයට පත් පවුල්වල දරුවන‍්

(ඉහත කාණ්ඩවලට අයත් පවුල් වල අධ්‍යාපනය ලබන සිසුන් අතරින් තෝරාගත් සිසුන් සඳහා පමණක් පහත පරිදි ශිෂ්‍යාධාර ප්‍රදානය කෙරේ.)

« ඔබ ඉහත කී සුදුසුකම් සපුරාන ලද අයෙක් නම් ඔබට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාජ සේවා නිලධාරී හමුවී අවශ්‍යතාවය ඔහුට / ඇයට පවසන්න.

« සිසුමිණ ශිෂ්‍යාධාර අයදුම්පතක් ඔහු/ ඇය වෙතින් ලබාගන්න.

« එහි අදාල විස්තර සම්පූර්ණ කරන්න.

« ග්‍රාම නිලධාරි නිර්දේශය හා සිසුවා /සිසුන් අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පති නිර්දේශ ද ලබාගෙන අයදුම්පතට අමුණා අදාල සමාජ

සේවා සේවා නිලධාරි වෙත අයදුම්පත භාර දෙන්න.

 

 

ශිෂ්‍යාධාර මුදල.

 

1 සිට 9 ශ්‍රේණිය දක්වා එක් සිසුවෙකුට  රු: 400/= ( මාසිකව)

10 සිට 11 ශ්‍රේණි -එක් සිසුවෙකුට         රු: 1000/= ( මාසිකව)

12 සිට 13 ශ්‍රේණි -එක් සිසුවෙකුට         රු: 1000/= ( මාසිකව)

විශ්ව විද්‍යාල සිසුවෙකුට                        රු: 1000/= ( මාසිකව)

v පවුලේ ඉගෙනුම ලබන සිසුන් එක් අයකුට වැඩි නම් ගෙවිය  හැකි උපරිම මුදල රු: 1500/=

 

(චක්‍ර ලේඛයට අදාලව ගෙවිය යුතුයි.)

අයදුම්පතට අදාල ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ගෙවිය යුතු මුදල නිර්දේශ කිරීම කොට්ඨාශයේ සමාජ  සේවා නිලධාරී විසින් සිදු කරනු ලබයි.

බාගත කිරීම

  1. Application 01
  2. Application 02
  3. Application 03
  4. Application 04


Last Update :-

1st Jan 2023