ආබාධ සහිත පුද්ගලයින් සඳහා සැපයෙන සේවා

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආබාධිත පුනරුත්ථාපන යෝජනා ක්‍රමය

අරමුණ:-  ආර්ථික සංවර්ධනය උදෙසා ආබාධිතභාවය බාධකයක් නොව සාධනයක් කර ගැනීම.

සුදුස්සන්

« දැනට මහජනාධාර දීමනා ලබන, තම ආබාධ සහිත දරුවන් රැකබලා ගත යුතු නිසා කිසියම් වැඩක නිරත විය නොහැකි, පාසල් යන වයසේ දරුවන් ද සිටින අවු:  50 ට අඩු ක්‍රියාශීලීව කිසියම් වැඩක නිරත විය හැකි වැන්දඹු කාන්තාවක් වීම.

« ආබාධ සහිත දරුවන් රැකබලා ගත යුතු නිසා කිසියම් වැඩක නිරත විය නොහැකි හෝ, දරුවන්ගේ ආබාධ සහිත බව නිසා ස්වාමි පුරුෂයන් විසින් අත්හල කාන්තාවක් වීම.

« දැනට මහජනාධාර දීමනා ලබන නමුත් පවුලක් රැකීම සඳහා කිසියම් වැඩක නිරත විය හැකි ක්‍රියාශීලි ආබාධ සහිත 60 ට අඩු අයෙකු වීම.

« නිශ්චිතවම තමාට ආදායමක් ලබාගැනීමට හැකි යයි සිතෙන, තම හැකියාව හා අවට සම්පත් උපයෝගී කරගෙන කළ හැකි සුලු ව්‍යාපාරික කාර්යයක් පිළිබඳ අදහසක් ඇති මාසික ආදායම රු:  2000/- ට වඩා අඩු ආබාධ සහිත අයෙකු වීම.

ආධාර ලබාදීමේ ක්‍රියාපරිපාටිය

« ඉහත මහජනාධාර පුනරුත්ථාපන යෝජනා ක්‍රමය යටතේ දක්වා ඇති අයුරිනි.

« රු:  10000/- ක මුදලක් වාරික දෙකකින් ගෙවනු ඇත.

« සුළු වෙළදාමක් සත්ව පාලනය, ඇදුම් මැසීම වැනි ප්‍රදේශයට පහසු කර්මාන්තයක් මේ සඳහා තෝරා ගත හැක.

පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ආබාධ සහිත පුද්ගලයින්

සඳහා සැපයෙන සේවා

ආබාධ සහිත පුද්ගලයින්ගේ ආබාධ සහිතභාවය අවම කර ගැනීම සඳහාත්, සමාජයේ අනිකුත් පුද්ගලයන් හා සමානව කටයුතු කිරීමට ඇති හැකියාව සහ හසුරු කුසලතා එළි දක්වනු පිණිස.

සපයනු ලබන උපකරණ

« රෝද පුටු

« ත්‍රිරෝද බයිසිකල්

« කිහිලිකරු

« වැලිමිටිකරු

« කැලිපස් (විශේෂ පාවහන්)

« කෘතිම අත් පා

« ඇස් කණ්නාඩි

« අක්ෂි කාච

« ශ්‍රවන උපකරණ

සපයනු ලබන ආකාරය

« මාසික ආදායම රු:  3000 ට වඩා අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන් මෙම ආධාර ලැබීම සඳහා සුදුසුකම් ලබයි.

« ආබාධ සහිත පුද්ගලයා තම රෝගී තත්වය මත අපේක්ෂිත උපකරණය පිළිබඳ වෛද්‍ය නිර්දේශය සහිත වාර්තාවක් අනිවාර්යයෙන්ම සැපයිය යුතුය.

උදාහරණ

01.  අස් කණ්ණාඩි සඳහා අවශ්‍ය ප්‍රමාණය සඳහන් අක්ෂි පරීක්ෂණ වාර්තාව

02.  අක්ෂි කාච සඳහා අවශ්‍ය ප්‍රමාණය සඳහන් අක්ෂි පරීක්ෂණ වාර්තාව සමග රෝහල් ගත වීමට නියමිත දිනය සහති ලිපිය

03.  ශ්‍රවන උපරකරණ සඳහා ශ්‍රවන පරීක්ෂණ වාර්තාව

04.  අනිකුත් උපකරණ සඳහා ඒ එක එකට ගැලපෙන වෛද්‍ය නිර්දේශය සහිත වාර්තා

« ආබාධ සහිත පුද්ගලයාට අවශ්‍ය උපකරණය පිළිබඳව ඉහත වෛද්‍ය නිර්දේශය සහිත වාර්තාව සමග ග්‍රාම සේවා නිලධාරි වෙත ලැබෙන ඉල්ලීම ඔහුගේ නිර්දේශ සමග ප්‍රාදේහීය ලේකම් කාර්යාලයට යොමු කිරීම

« ප්‍රාදේහීය ලේකම් කාර්යාලයට ලැබෙන ඉල්ලීම නිර්දේශ සඳහා සමාජ සේවා නිලධාරීට යොමු වේ.

« සමාජ සේවා නිලධාරී ආබාධ සහිත පුද්ගලයා සහ ඔහුගේ ඉල්ලීම පරීක්ෂා කිරීමෙන් පසුව වපසසේ 03(1) ආකෘතියේ තම නිර්දේශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීම.

« ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිත අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කිරිම.

« සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලය මගින් අදාල උපකරණය නියමිත නිවැරදි පුද්ගලයා වෙත භාරදීම සඳහා නියමිත ලිපි ලේඛන ද සමග එවනු ඇත.

« අදාල උපකරණ නියමිත නිවැරදි පුද්ගලයා වෙත භාරදී ඔහු එය ලබාගත් බවට කුවිතාන්සිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කළ යුතුය.

« අදාල පුද්ගලයා සපයනු ලබන උපකරණ නිවැරදිව භාවිත කරනු බවට සසේනි තම ක්ෂේත්‍ර පරීක්ෂණ වලදී තහවුරු කරගත යුතුය.  විමසිලිමත් විය යුතුය.

« පොදුවේ භාවිත කල හැකි වර්ග වල උපකරණ පුද්ගලයා භාවිත නොකරන්නේ නම් ආපසු ලබාගැනීමට හා එය ප්‍රදේශයේ එවැනිම වූ අවශ්‍යතා සහිත පුද්ගලයෙකුට සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ ආවරණ අනුමැතියට යටත්ව නිකුත් කල හැකිය.

වෙනත් සේවාවන්

« ස්වයං රැකියා අධාර

« පූර්ව ළමා වියේ ආබාධ සහිත දරුවන්ගේ කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන

« ආබාධ සහිත දරුවන් සඳහා පූර්ව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන

« රෝහල් ආශ්‍රිත මානසික සෞඛ්‍ය සායන වැඩසටහන

« මානසික සෞඛ්‍ය සායන වැඩසටහන ආශ්‍රිත කුසලතා සංවර්ධන/වෘත්තීය පුහුණුව

« නිවාසගත රැකවරණය සඳහා යොමු කිරීම

« නේවාසිකාගාර වෙනුවෙන් නඩත්තු හා ප්‍රතිශීර්ෂාධාර ගෙවීම

« උපකෘත පාසල් සඳහා ආබාධ සහිත දරුවන් යොමු කිරීම නඩත්තු හා ප්‍රතිශීර්ෂාධාර ගෙවීම

« වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරිම.

« ප්‍රවේශ පහසුකම් සකස් කර ගැනීමට සහාය වීම

ස්වයං රැකියා ආධාර

 

ඉහත (05) ආදායම් උත්පාදක ක්‍රියාකාරකම් සඳහා දෙනු ලබන ආධාර ශීර්ෂය යටතේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආබාධිත පුනරුත්ථාපන යෝජනා ක්‍රමය තුලින් කරුණු පැහැදිලි කර ඇත.

රෝහල් ආශ්‍රිත මානසික සෞඛ්‍ය සායන වැඩසටහන

 

අරමුණ:  මානසික සෞඛ්‍ය සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා අයගේ මානසික සංවර්ධනය

ක්‍රියාපරිපාටිය

« මානසික සෞඛ්‍ය සායන වලින් ස.සේ. නිට යොමු කරන ප්‍රතිකාර ලබන්නාගේ පවුල් වල තත්වය හඳුනා ගැනීම

« ප්‍රතිකාර ලබන්නාට පවුල් තුල සුදුසු පරිසරයක් ගොඩ නංවාගැනීමට දායක වීම

« අවශ්‍ය වෙතොත් මහජනාධාරයක්/පුනරුත්ථාපන ආධාරයක් ලබාදීම

« නිරන්තර අධීක්ෂණය

මානසික සෞඛ්‍ය සායන වැඩසටහන ආශ්‍රිත කුසලතා සංවර්ධන/වෘත්තීය පුහුණුව

අරමුණ:  ප්‍රතිකාර ලබන්නාට සමාජය තුළ ස්වාධීනව කටයුතු කර ගැනීමට ඉඩසැලැසීම

ක්‍රියා පරිපාටිය

« ප්‍රතිකාර ලබන්නාගේ මානසික මට්ටම මත සායන හරහා සුදුසු පුහුණු හදුනා ගැනීම

« ඒ සඳහා අවශ්‍ය මූලික පහසුකම් සායන සඳහා සපයා දීම

« සායන හරහා පුහුණු ලබන්නාට ස්වයං රැකියා ආධාර ලබාදීම

ආබාධ සහිත පුද්ගලයින් නිවාස වලට ඇතුළත් කර ගැනීම

හව්හරණක් නොමැති ආබාධ සහිත පුද්ගලයින් සඳහා ජීවත්වීමට සුදුසු පරිසරයක් සපයාදී, රැකවරණය හා පෝෂණය සැලසීම.

නිවාසගත කර ගැනීමට සුදුසුකම්

« විවිධ දුෂ්කරතා නිසා පවුල තුල නඩත්තු කළ නොහැකි/දෙමව්පිය භාරකරුවන් නොමැති වයස අවු: 35 ට අඩු ආබාධ සහිත පුද්ගගලයකු වීම.

ක්‍රියාපරිපාටිය

« එවැන්නෙකු පිළිබඳව පදිංචි පළාතේ ග්‍රාම සේවා නිලධාරි වෙත ලිඛිත ඉල්ලීමක් කළ හැකිය.

« නිවාසගත කිරීමට අදාල පුද්ගලයාගේ ආබාධිතතාවය හා පවුලේ විස්තර සහිත ඉල්ලීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ග්‍රාම සේවා නිලධාරි විසින් යොමු කෙරේ.

« අදාල ඉල්ලීම පිළිබඳව සසේනි පුද්ගලිකව පරීක්ෂා කර වපසසේ (2) ආකෘති පත්‍රය ප්‍රාදේශීය ලේකම්ට වාර්තා කිරීම

« ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සමග අදාල ආකෘතිය සමාජ සේවා පළාත් අද්‍යඛ්ෂ වෙත යොමු කිරිම (විෂය භාර නිලධාරී විසින්)

« නේවාසික රැකවරණය ලබාදීම සඳහා ඉඩකඩ ඇති නිවාස වෙත ළමුන්/පුද්ගලයින් යොමු කිරීම සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලයෙන් කරනු ඇත.

« නිවාසගත වීමෙන් පසුව මහජනාධාරයක් ලබමින් සිටියහොත් එය ගෙවීම අත්හිටවනු ලැබේ.

බාගත කිරීම

 

  1. Application 37
  2. Application 38

 

වයඹ පළාතේ විවිධ හේතුන් නිසා ආබාධිත වු අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින්

පහත උපකරණ නොමිලේ ලබා දෙනු ලැබේ.

«කෘතිම පාද

«කෘතිම අත්

«රෝද පුටු

* ළමා රෝද පුටු

* වැඩිහිටි රෝද පුටු

* කොමඩ් රෝද පුටු

«තෛයිසිකල්

* ළමා ත්‍රෛසිකල්

* වැඩිහි ත්‍රෛසිකල්

«ශ්‍රවන උපකරණ

* කන පිටුපස පළඳින

* සාක්කුවේ පළඳින

«අත්වාරු කිහිලිකරු

«සුදු සැරයටි

«කැලිපස් සපත්තු

«ඇස් කණ්නාඩි

ඉහත උපකරණ අවශ්‍ය සේවාලාභීන් එම උපකරණ ලබා ගැනීම සඳහා

අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

01. වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වප/සසේ /03 (1) අයදුම් පත්‍රයක් ඔබ අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පළාත් සමාජ සේවා නිලධාරින්ගෙන් හෝ අදාල ග්‍රාම නිලධාරීගෙන් ලබා ගැනීම.

02. ඉහත අයදුම් පත්‍රයේ අංක 612 යටතේ අයදුම්කරු පිළිබඳ විස්තර සම්පුර්ණ කර ඔබ අයත් ග්‍රාම නිලධාරී මඟින් සහතික කර ගැනීම.

03. ඔබගේ අවශ්‍යතාවය පිළිබඳ ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීම.

04. ඔබගේ ආබාධිත තත්වය සනාථ කරන රජයේ වෛද්‍ය වරයෙකුගෙන් ලබා ගන්නා ලද වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම.

05. ශ්‍රවන උපකරණයක් ලබා ගැනීමට අවශ්‍ය කරන්නේ නම් ඔබතේ ශ්‍රවන තත්වය දැක්වෙන ශ්‍රවන ප්‍රස්ථාරයක්ද ඉදිරිපත් කළ යුතුය.

06. ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද වප/ සසේ/03/ (1) අයදුම් පත්‍රය, ඉල්ලීම් ලිපිය හා වෛද්‍ය සහකික ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී හෝ වැඩසටහන් සහකාර ( සමාජ සේවා ) නිලධාරී වෙක භාර දීම.

සේවාලාභියාගේ ඉහත ක්‍රියාවලියෙන් පසු අදාල සේවාවන් ලබා ගැනීම දක්වා සිදුවන ක්‍රියාවලිය.

01. ඔබ විසින් සමාජ සේවා නිලධාරී වෙත ලබා දෙනු ලබන අයදුම් පත්‍රය පරික්ෂා කිරීමෙන් අනතුරුන ක්ෂේත්‍ර පරික්ෂණයක් මඟින් ඉදිරිපත් කර ඇති තොරතුරු සනාථ කර ගැනීම හා අයදුම් පත්‍රෙය් අංක 02 සිට 05 දක්වා කොටස් සම්පුර්ණ කර ගැනීම.

02. අයදුම් කරුගේ ඉල්ලීම සත්‍ය වන්නේ නම් සමාජ සේවා නිලධාරීගේ නිර්දේශය ලබා දීම.

03. ප්‍රාදේශිය ලේකම්වරයාගේ නිර්දේශය සහිතව අදාල තොරතුරු හා අයදුම් පත්‍රය සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත ලබා දීම.

04. ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන අයදුම් පත්‍රය මුලස්ථාන සමාජ සේවා නිලධාරීගේ නිර්දේශයට ඉදිරිපත් කිරීම.

05. ඒකී අයදුම් පත්‍රය සමාජ සේවා පළාත් අධ්‍යක්ෂකගේ අනුමැතිය සඳහා යොමු කිරීම.

06. ඒ සඳහා පළාත් අධ්‍යක්ෂ තුමාගේ අනුමැතිය ලැබී ඇත්නම් ඔබට අවශ්‍ය ආබාධිත උපකරණය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දෙනු ලැබේ.

බාගත කිරීම

 

  1. Application 24

 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිපුණතා සංවර්ධන මධ්‍යස්ථාන

තුළට බඳවා ගන්නා ආකාරය

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වයඹ පළාතේ මධ්‍යස්ථාන 19 ක් සඳහා බඳවා ගැනීමේදී වයස අවු: 02 දී පමණ භාර ගැනීම ආරම්භ කරයි. මෙහිදී දරුවන් හඳුනා ගැනීම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල වල සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හරහා හඳුනා ගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී, වැඩසටහන් සහකාර (සමාජ සේවා) නිලධාරී හරහා පහත සඳහන් දරුවන් බඳවා ගනී.

බුද්ධි ඌනතා සහිත දරුවන්

චාලක අපහසුතා ඇති දරුවන්

ඔටිසම් තත්වයේ පසුවන දරුවන්

ශ්‍රවණ ඌනතා සහිත දරුවන්

ඉගෙනුම් දුෂ්කරතා සහිත දරුවන්

අපස්මාරය සහිත දරුවන්

බහුවිධ ආබාධ සහිත දරුවන්

දෘෂ්ටි ඌනතා සහිත දරුවන්

 

එහිදී පළමුව දරුවා හා භාරකරුවන් සම්මුඛ පරීක්ෂණයක් තුලින් විස්තර ලබාගෙන බුද්ධි වර්ධන සටහන තුලින් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු මට්ටම් තීරණය කරනු ලබයි.

දරුවන් විධිමත් පාසලේ පළමු පංතියට ඇවැසි පරිදි සකස් කිරීම මුලින්ම සිදු කරන අතර එසේ ඇතුලත් කිරිමට නොහැකි වයස අවු: 06 පසු අවු: 16 ත් දක්වා පූර්ව වෘත්තීය පුහුණු පාඨමාලාවන් සඳහා යොමු කරගනී. එහිදී සිදුවන්නේ දරුවන්ගේ චාලක ක්‍රියා සංවර්ධනය කිරීම හා සමාජානුයෝජන ක්‍රියාවලිය හුරු කිරීමයි. ඉන් පසු වයස අවු: 16 සිට අවු: 18 ක් දක්වා විධිමත් වෘත්තීය පුහුණු පාඨමාලාවන් සඳහා යොමු කිරිමක් සිදු කරයි. පසුව වසර දෙකක් දක්වා දරුවා ප්‍රගුණ කරනු ලබන නිපුනතාවයට අදාළව දෙපාර්තමේන්තුව යටතේ ලබාදෙන ස්වයංරැකියා ආධාර වැඩසටහනට බද්ධ කරමින් අදාධාර මුදල් ලබාදී සමාජ සේවා නිලධාරි හරහා පසු විපරම් කිරීම සිදු කරයි.

දරුවන් සඳහා ලබාදෙන අධ්‍යාපනය - අවු:  02 - 06

දරුවන් සඳහා පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීමේදී එක් එක් දරුවාට ගැලපෙන ආකාරයට අධ්‍යාපන කටයුතු සිදු කල යුතුය.

« තමා ගැන හා අවට පරිසරය ගැන අවබෝධය ලබාදීම

« සියුම් චාලක හැකියා සංවර්ධනය

« දළ චාලක හැකියා සංවර්ධනය

« වර්ණ හදුනා ගැනීම

« පෞද්ගලික සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු

« කෑම මේසයේ ආචාර විධි

« ගෘහ කටයුතු

« මුදල් කටයුතු

« ගමනා ගමන කටයුතු

« විනෝදාත්මක කටයුතු

« ප්‍රජා සම්බන්ධතා

« ආගමික හා සදාචාර කටයුතු

« භාෂා හැකියාව හා වෘත්තීය නිපුණතා

පූර්ව වෘත්තීය කුසලතා සංවර්ධන කටයුතු - අවු:  06 -16

විධිමත් පාසල් සඳහා යොමු කිරීමට නොහැකි දරුවන් මෙම මධ්‍යස්ථාන තුලට රඳවාගෙන පූර්ව වෘත්තීය කටයුතු එනම්, දරුවාගේ නිපුණතා සංවර්ධනය කිරිමට අවශ්‍ය චාලක හැකියාවන් සංවර්ධනය සිදු කරයි.  මෙහිදී දරුවන්ගේ නිපුණතා සංවර්ධනය වීමට වැඩි කාලයක් ගතවේ.  දරුවන් සමාජගත කිරීම හා සෞඛ්‍ය තත්වයන් පිළිබඳවත් වෘත්තීය පුහුණු මට්ටම ගැලපෙන දරුවෙකු බවට මෙම කාල සීමාව තුළ පත් කරගැනීමට අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි.

වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීම - අවු:  16 -18

පූර්ව අධ්‍යාපනය ලද දරුවා චාලක හැකියා සංවර්ධනය කර ගනිමින් උපකරණ භාවිතා කරමින් නිෂ්පාදනය කිරීමට නිරත කිරීම මෙහිදී සිදු කරනු ලබයි. වසර දෙකක් දක්වා පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව ඔවුන්ගේ නිපුණතාවය අදාළ පරිදි ඉදිරි කාර්යන් සිදිකිරීමට ස්වයං ආධාර ක්‍රමයට යොමු කරනු ලබයි.

සුවිශේෂී නිපුණතා සංවර්ධනය කර ගැනීමට සාදනීය මට්ටමේ සිටින දරුවන් ප්‍රදේශයේ කාර්මික විද්‍යාලය හා සීදූව පුනරුත්ථාපන මධ්‍යස්ථානය, කැටවල ලෙව්ල මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමටක් සිදු කරයි.  දරුවන් යම් ආදායමක් උපයා ගැනීම සිදු කරනු ලබන විට සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක කරනු ලබයි.

පහත සඳහන් වෘත්තීය නිපුණතාවයන් දැනට ආරම්භ කර ඇත.

01. අත්කම් නිර්මාණ

02. මැහුම් පාඨමාලා

03. පහන්තිර ඇඹරීම

04. ඉදල් කොසු සෑදීම

05. පබලු මාල සැකසීම

06. රෙදි බෑග් නිර්මාණය

07. පරිගණක පාඨමාලා

08. නැටුම් හා සංගීත පාඨමාලා

09. පාපිසි (ලණු, රෙදි)

10. මල් පෝච්චි

11. ගෙවතු වගා

12. විසිතුරු භාණ්ඩ නිර්මාණ

13. පින්තාරු

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පවුල් ආශ්‍රිතව සිදු කරනු ලබන සේවාවන්

« දෙමාපිය ආකල්ප සංවර්ධන කිරීම

« මානසික උපදේශනය ලබාදීම

« නිවාස ආධාර ලබාදීම (පිළිසරණීය නිවාස, අමාත්‍යාංශයේ නිවාස වැඩසටහන සඳහා යොමු කිරීම)

« ශිෂ්‍යාධාර ලාබදීම

« කණ්ඩායම් නිෂ්පාදන කිරීම්

« නිවෙස් මට්ටමේ සිටින දරුවන් සඳහා පුනරුත්ථාපන වැඩසටහන් සිදු කිරිම.  (නිවෙස් වලට ගොස් දැනුවත් කිරීම)

මධ්‍යස්ථාන සහා භෞතික සම්පත් සම්පාදනය

01. දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය සියලුම උපකරණ ලබාදීම

02.  නිළ ඇදුම් ලබාදීමසෙල්ලම් මිදුල් සඳහා අවශ්‍ය සියළුම උපකරණ ලබාදීම

03.  ඉදිකිරිම් කටයුතු

04.  සියලුම යටිතල පහසුකම් සම්පාදනය කිරීම සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

වෙනත් ආයතන සමඟ සම්බන්ධතාවය

01. ජයිකා හා කොයිකා ආයතනය විසින් ස්වේච්ඡාවෙන් කටයුතු කිරිම සඳහා වසර දෙකක පමණ කාලයට ස්වේච්ඡා සේවක සේවිකාවන් සම්බන්ධ කර ගැනීම

02. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතන සම්බන්ධ කර ගැනීම

03. විධිමත් පාසල් සම්බන්ධ කර ගැනීම

බාගත කිරීම

  1. Application 29
  2. Application 30
  3. Application 31
  4. Application 32

Last Update :-

1st Jan 2023