මහජනාධාර

මහජනාධාර මාසික දීමනා

මාසික මහජනාධාර ලැබීමට සුදුස්සන්

 

රජයෙන් කිසියම් ආධාරයක් නොලදහොත් අනාථ හා අසරණ භාවයට පත්වීමට ඉඩ ඇතැයි සැලකිය හැකි

1. රෝගීන්, වයෝවෘද්ධයන්, ශාරීරික හා මානසික ආබාධ සහිත වූවන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් ( වයස අවු: 60 ඉක්මවූ පිරිමින්ද වයස අවු: 55 ඉක්මවූ ස්ත්‍රීන්ද වයෝවෘද්ධයින් සේ සැලකේ.)

2.  තම දරුවන් රැකබලා ගත යුතු නිසා හෝ කායික දුබල කමක් නිසා හෝ තමන්ගේ සහ තම දරුවන්ගේ ජිවිකා වෘත්තීය උපයා ගැනීමට වැඩපලක යෙදිය නොහැකි, යැපෙන කුඩා දරුවන් සහිත අඩු ආදායම්ලාභී වැන්දඹු මව්වරුන්, ස්වාමිපුරුෂයා විසින් අත්හල යැපෙන කුඩා දරුවන් සහිත අඩු ආදායම්ලාභී මව්වරුන්

3.  ස්වාමිපුරුෂයා සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන නිසා හෝ සිරගත ව ඇති නිසා ඔහුගේ ආධාරය පවුලේ ජීවිකාව සඳහා නොලැබෙන, යැපෙන වයසේ කුඩා දරුවන් සහිත ඔවුන්ගේ භාර්යාවන්, යැපෙන වයසේ කුඩු දරුවන් සහිත අස්වාමික මව්වරුන්

4.  අවු:  16 ට අඩු අනාථ ළමුන් සහ දෙම්පියන්ගේ පිළිසරණ අහිමි වූ ළමුන් සහ ශාරීරික හා මානසික ආබාධ සහිත වූ ළමුන්

සුදුසුකම් නොලබන්නන්

විශ්‍රාම වැටුපක් ලබන්නන් හෝ ත්‍රිවිධ හමුදාවල සේවයේ නිරතව සිට මිය ගිය අය වෙනුවෙන් වැටුපක් ලබාගන්නා මව්වරුන්, පියවරුන්, වැන්දඹු කාන්තාවන්, දරුවන්, අර්ථසාධක අරමුදල් ලබාගත් අයවලුන් හෝ ජීවත්වීමට වෙනත් ආදායම් මාර්ග ඇති අයවලුන්.

 

මහජනාධාර ගෙවීමේ සීමාවන්

මාසයකට

තනි පුද්ගලයෙකුට රු: 250.00

 

ප්‍රධානියා ඇතුළු යැපෙන්නන් 1 ඇති පවුලකට        රු:  300.00

ප්‍රධානියා ඇතුළු යැපෙන්නන් 2 ඇති පවුලකට        රු:  350.00

ප්‍රධානියා ඇතුළු යැපෙන්නන් 3 ඇති පවුලකට        රු:  400.00

ප්‍රධානියා ඇතුළු යැපෙන්නන් 4 ඇති පවුලකට        රු:  500.00

ප්‍රධානියා ඇතුළු යැපෙන්නන් 5 ට වැඩි පවුලකට    රු:  500.00 (අවමය රු:  250-රු:  500)

මහජනාධාර ගෙවීම

ක්‍රියා පරිපාටිය

1. ඉල්ලුම්කරු විසිනු ඔහු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තම අවශ්‍යතාවය දන්වා ඉල්ලීමක් කිරිම.

2.  ග්‍රාම නිලධාරී විසින් ව.ප.ස.සේ.ම ආ 01 ආකෘතිය ඉල්ලුම්කරුට නිකුත් කිරිම (ඉල්ලුම්කරුට ආකෘතිය සම්පූර්ණ කිරීමට නොහැකි නම් ඒ සඳහා ග්‍රාම නිලධාරී තම සහාය ලබාදිය යුතුය)

3. ඉල්ලුම්කරු විසින් සම්පූර්ණ කරන ලද ඉහත ආකෘතිය ග්‍රාම නිලධාරීට ලැබුණු පසු ග්‍රාම නිලධාරී විසින්, එම තම ලේඛනයේ සටහන් කර, ඉල්ලුම්කරු සම්පූර්ණ කරන ලද ආකාතියද සමග ව.ප.ස.සේ. ම. ආ 02 ආකෘතිය සම්පූර්ණ කර තම නිර්දේශ සමග ප්‍රාදේශීය ලේකම්ට භාරදීම.

4. විෂය භාර නිලධාරී විසින් මහජනාධාර අයදුම් පත් ලේඛනයේ (සසේපි 12) එම ආකෘතියේ විස්තර සටහන් කර සමාජ සේවා නිලධාරීගේ නිර්දේශ සඳහා ඔහුට භාරදීම

5. සමාජ සේවා නිලධාරි අදාල පුද්ගලයා හමුවී පවුලේ තොරතුරු හා ආකෘතියේ දක්වන ලද කරුණු සම්බන්ධව පරීක්ෂා කර තම නිර්දේශය සහිත වප/සසේ/01 ආකෘතිය ප්‍රාදේශීය ලේකම්ට භාරදීම.

6.  විෂය භාර නිලධාරී විසින් අදාල ආකෘතිය ප්‍රාදේශීය ලේකම්ට ඉදරිපත් කර අනුමැතිය ලබා ගැනීම.

7.  අනුමත ඉල්ලීම අපේක්ෂක ලැයිස්තුවේ ආධාර ලැබීමට සුදුසු අයගේ ලේඛනයට (ස.සේ.පි 34) ඇතුලත් කිරිම

8.  වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන වල ඉතිරිවීම් සලකා මහජනාධාර ගෙවීම් ලේඛනයට නම ඇතුලත් කිරිම.

9.  තැපැල් කාර්යාල මගින් මුදල් ලබාගැනීම සඳහා ග්‍රාම නිලධාරී හෝ ස.සේ.නි විසින් සහතික කරන ලද ආධාරලාභීයාගේ ආදර්ශ අත්සන් සහිත ගෙවීම් කාඩ් පත (වපසසේ 05) ප්‍රාදේශීය ලේකම්ගේ අත්සනින් යුතුව ඉල්ලුම්කරුට නිකුත් කිරීම (සමාජ සේවා නිලධාරී විසින්)

10.  ඉදිරි මාසයේ සිට නියමිත තැපැල් කාර්යාලට හරහා මුදල් යැවීමට සැලැස්වීම (විෂය භාර නිලධාරී විසින්)

මහජනාධාරලාභීන් පිළිබඳව නැවත සමීක්ෂණ

සෑම වසරක් පාසාම ග්‍රාම නිලධාරී වසම් වල සිටින සියළුම මහජනාධාරලාභීන් පිළිබඳව පසු විපරම් කළ යුතුය. විශේෂයෙන් වයස අවු: 60 ට වැඩි ආධාරලාභීන් හා වයස අවු: 16 ට අඩු දරුවන් වාර්තාව තිබූ පවුල් කෙරෙහි වැඩි අවධානය යොමු විය යුතුය. වෙනස්විම් වාර්තා කිරීම සඳහා නැවත සමීක්ෂණ ආකෘතිය (වසසේ 01 ආ) භාවිත කළ හැකිය. එම වාර්තා මගින් ඉදිරිපත් වන කරුණු සමාජ සේවා නිලධාරීගේ ස්ථානීය හා සෝදිසි පරීක්ෂාවට ලක් කෙරේ. සංශෝධන සඳහා නිර්දේශ සමාජ සේවා නිලධාරී විසින් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය.

 

දෘශ්‍යාබාධිත ගෘහස්ථ කාර්මික ශිල්පීන් සඳහා මහජන ආධාර ගෙවීම

සීදූව හා වත්තේගම වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුව ලබා ගෘහ කාර්මික සේවයේ නියුතුව සිටි මෙතෙක් රු:  300/- මාසික දීමනාව ලැබූ, මහජනාධාර ලැබීමට සුදුසුකම් සපුරන, දෘශ්‍යාබාධිත ගෘහස්ථ කාර්මික ශිල්පීන් සඳහා 2013.02.01 දින සිට එම දීමනාව රු:  1500/- දක්වා වැඩිකර ගෙවනු ලැබේ.

ආධාර හිමි අය පිළිබඳ ලැයිස්තු සමාජ සේවා අධ්‍යක්ෂ විසින් මීට පෙර එවා ඇති අතර ඒ අනුව රු:  1500/- දීමනාව ගෙවා ඇත.

ගෙවීම් පරිපාටිය මහජනාධාර ගෙවීම් ක්‍රමයට අනුරූප වේ.

අනන්‍යතාවය, පුහුණුව හා පුහුණු කාලය පිළිබඳ විස්තර සීදූව වෘත්තීය පුහුණු ආයතනයේ අධිකාරී වෙතින් ලබාගත හැකිය.

සීදුව වෘත්තීය පුහුණු ආයතනය,

ලියනගේමුල්ල, සීදූව.

 

බාගත කිරීම

  1. Application 11
  2. Application 12

Last Update :-

1st Sep 2023