රෝගාධාර

රෝගාධාර ක්‍රමය

රෝගී තත්වයට නිසා ආර්ථිකමය දුෂ්කරතාවයන්ට පත්වීම හේතුවෙන් රෝගියාගේ ශරීර සෞඛ්‍ය හා පෝෂණ තත්වය සහ ඔහුගෙන් යැපෙන්නන් පෝෂණය කර ගැනීමට නොහැකි තත්වයනට පත්වූවන් සඳහා සහනයක් සැලසීම.

ගෙවනු ලබන රෝග ආධාර

  1. ක්ෂ්‍ය රෝග ආධාර       රු:  450 - රු:  700
  2. ලාදුරු රෝග ආධාර      රු:  450 - රු:  700 (බිරිද නම් 100)
  3. පිළිකා රෝග ආධාර     රු:  750 - රු:  1000
  4. තැලසීමියා රෝ ආධාර  රු:  1000
  5. විශේෂ වෛද්‍ය ආධාර   රු:  500

රෝගාධාර ලැබීමට සුදුස්සන්

« අදාල රෝගයෙන් පෙලෙන බව සනාථ කරන වෛද්‍ය සහතිකලාභියෙක් වීම

« රු:  3000 වඩා අඩු ආදායම්ලාභී පුද්ගලයෙක් වීම

« රෝගය වැළදීම නිසා මුදල් උපයා ගැනීමේ හැකියාවක් නැත්තෙකු වීම හා නොකඩවා සාර්ථකව ප්‍රතිකාර ලබාගැනීමට මුදල් අවශ්‍ය අයෙකු වීම.

« රජයේ භාණ්ඩාගාර වැය ශීර්ෂයකින් ආධාර නොලබන්නෙකු වීම

රෝගාධාර ගෙවීමේ ක්‍රමය

 

01.  බාහිර රෝගීන් සඳහා මසකට ගෙවීම් (ක්ෂය රෝග, ලාදුරු)

i. පවුලේ ප්‍රධානියා බාහිර රෝගියෙකු නම්              රු:  450

ii. පළමු යැපෙන්නා (භාර්යාව)                              රු:  100

iii. වෙනත් යැපෙන එක් අයෙකුට                          රු:    50

ගෙවිය හැකි උපරිම ආධාර මුදල                          රු:  700

තැලසීමියා රෝගීන් සඳහා රෝගියාට පමණක් රු:  1000 ක්ද නිර්දේශිත විශේෂ රෝග සඳහා රෝගියාට පමණක් රු:  500 ක් ද පිළිකා රෝගීන් සඳහා රු:  750 -  රු:  1000 දක්වා ගෙවනු ඇත.

« රෝගාධාර ලබන පවුලේ ප්‍රධානියා හැර වෙනත් සාමාජිකයෙක් ඉහත රෝගයකින් පෙලෙන්නේ නම් වෛද්‍ය සහතික මගින් ඒ බව සනාථ කරන්නේ නම් ඔහුට/ඇයට එක් අයෙක් සඳහා වන දීමනාව ලබාගැනීමට හිමිකම් ඇත.

« රෝගාධාර ලබන පවුලේ සාමාජිකයින් මහජනාධාර ලැබීම සඳහා සුදුසුකම් නොලබති.

« ප්‍රතිකාර කාලය තුළ වෛද්‍යවරුන් විසින් නොකළ යුතු යැයි අවාවාද දී ඇති කටයුතු වල නිරත නොවිය යුතුය.

02.  අභ්‍යන්ත රෝගීන් සඳහා මසකට ගෙවීම්

i. රෝගියා සඳහා ගෙවීම් නෙකෙරේ

ii. පළමු යැපෙන්නාට                                              රු:   100

iii. වෙනත් යැපෙන එක් අයෙකුට                              රු:    50 බැගින්

ගෙවිය හැකි උපරිම ආධාර මුදල                               රු:  300

« රෝගාධාර ක්‍රමයට ඇතුලත් වන මහජනාධාර ලබන්නන්ගේ මහජනාධාර මුදල, රෝගාධාර ක්‍රමය ක්‍රියාත්මක

වන තුරු අත් හිටවනු ලැබේ.

« වෛද්‍යාධාර ගෙවනු ලබන්නේ වෛද්‍ය සහතිකයේ නිර්දේශිත කාලය සඳහා පමණි.

ක්ෂය රෝගය සඳහා එකවර මාස 03

ලාදුරු රෝගය සඳහා එකවර මාස 06

රෝගී තත්වය අනුව වෛද්‍ය සහතිකයේ නිර්දේශිත කාලය දීර්ඝ කිරිමට ඉඩ ඇත.  එහිදී සමාජ සේවා නිලධාරීගේ නිරීක්ෂණ මත ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය පරිදි අදාල වලංගු කාලය සඳහා නැවත වෛද්‍යාධාර ගෙවනු ලැබේ.

යැපෙන්නන් ලෙස සලකනු ලබන්නේ

 

i. භාර්යාව (ප්‍රධාන යැපෙන්නා)

ii. අවු:  16 ට අඩු දරුවන්

iii. පවුල සහ ජීවත්වන ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ දෙමව්පියන්

iv. පවුල සමග ජීවත් වන ශාරීරික/මානසික දුබලතාවයන්ගෙන් පෙලෙන වැඩිහිටි දරුවන්

ඉහත iii,iv සඳහන් අය යටත් පිරිසෙයින් පසුගිය මාස හය තුල අදාළ පවුල සමග ජීවත්ව නොසිටියේ නම් මෙම දීමනාව සඳහා යැපෙන්නන් ලෙස නොසැලකේ.

ස්වාමි පුරුෂයා සුව කල නොහැකි රෝගයකින් පෙලෙන විටෙක, බන්ධනාගාර ගත වීම වැනි හේතුවක් මත ස්වාමිපුරුෂයාගේ ආධාර නොලබන විටෙක එම ස්ත්‍රීන් හා වැන්දඹුවන්ද පවුලක ප්‍රධානියා සේ සැලකිය හැක.

රෝගාධාර ගෙවීම

ක්‍රියා පරිපාටිය

01.  රෝගියා නියමිත වෛද්‍ය සහතිකය ද සමග ආධාර ලිපියක් ඔහු/ඇය පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත භාරදීම

නියමිත වෛද්‍ය සහතික

« ක්ෂය රෝගය සම්බන්ධයෙන් ළය චිකිත්සාගාරයක ඒකක භාර වෛද්‍ය නිලධාරී විසින් එස්එස්/ටීබී/එම් 1 ආකෘතියේ නිකුත් කෙරෙන වෛද්‍ය සහතිකය

« ලාදුරු රෝගය සම්බන්ධයෙන් ලාදුරු මර්දන ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්සණක විසින් නිකුත් කෙරෙන වෛද්‍ය සහතිකය

« පිළිකා රෝගය සම්බන්ධයෙන් මහරගම පිළිකා රෝහල, මහනුවර, කුරුණෑගල හා අනුරාධපුර රෝහල් වල පිළිකා ඒකක භාර වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කෙරෙන පොදු චක්‍රලේඛ 1604 හා 16.08.1989 යටතේ වූ ආකෘතියේ නිකුත් කෙරෙන වෛද්‍ය සහතිකය

« තැලසීමියා රෝගය සම්න්ධයෙන් මහ රෝහල් වල තැලසීමියා ඒකකයේ ඒකක භාර වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කෙරෙන වෛද්‍ය සහතිකය

« විශේෂ රෝග සම්බන්ධයෙන් රෝගියා ප්‍රතිකාර ලබන රෝහලේ විශේෂ රෝග ඒකකය භාර වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කෙරෙන වෛද්‍ය සහතිකය

02.  ග්‍රාම සේවා නිලධාරී රෝගියාගේ ඉල්ලීම සහ වෛද්‍ය සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරිම

03.  ඉදිරිපත්ව ඇති වෛද්‍ය සහතිකය නියමිත වෛද්‍ය සහතිකය නොවේ නම් නිවැරදි වෛද්‍ය සහතිකය ගෙන්වා ගෙන ඒ සමග අයදුම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීම

04.  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂය භාර නිලධාරී එම අයදුම් පත නියමිත ලේඛනයේ සටහන් කර ප්‍රාදේශීය ලේකම්ගේ නියෝග මත නිර්දේශිත වාර්තාව ලබාගැනීම සඳහා සමාජ සේවා නිලධාරී වෙත භාර දීම

05.  සමාජ සේවා නිලධාරී විසින් අදාල රෝගියාගේ නිවසට පැමිණ තොරතුරු පරීක්ෂා කර බලා තම නිර්දේශය සහිත වාර්තාව (ක්ෂය රෝග හා ලාදුරු) ව.ප.ස.සේ. 01 ආකෘතියේද, පිළිකා හා තැලසීමියා ආධාර සඳහා වන ආකෘතියද, විශේෂ රෝග සඳහා සමාජ සුබසාධන අමාත්‍යාංශය දුන් ආකෘතියේද ප්‍රාදේශිය ලේකම් වෙත ලබාදේ.

06.  ක්ෂය, ලාදුරු ආධාර සඳහා සමාජ සේවා නිලධාරීගේ නිර්දේශිත වාර්තාව සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබාගැනීම (විෂය භාර නිලධාරී විසින්)

07.  ඉතිරිව ඇති මුදල් ප්‍රතිපාදන සලකා බලා අයදුම්කරුගේ නම ගෙවීම් ලේඛනයට ඇතුලත් කිරිම

08.  කාඩ් පත ආධාරලාභියාට නිකුත් කිරිම හා තැපැල් කාර්යාලය මගින් ගෙවීම් කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉටු කෙරෙනු ඇත.

09.  මුදල් ප්‍රතිපාදන නොමැති නම් මහාම සමාජ සේවා පළාත් කාර්යාලයට අමතා ප්‍රතිපාදන ලබාගත යුතුය.  (රෝගාධාර සඳහා අවශ්‍ය පරිති ප්‍රතිපාදන නිකුත් වේ)

10.  පිළිකා, තැලසීමියා, විශේෂ රෝගාධාර පළාත් සමාජ සේවා කාර්යාලයට හරහා ගෙවනු ලබන හෙයින් ඒවාට අදාල ඉල්ලිම් සම්බන්ධව, ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිත නියමිත වපසසේ 02 ආකෘති පත්‍රයේ වූ සමාජ සේවා නිලධාරී වාර්තාව, වෛද්‍ය සහතික සහ අත්සන් සහතික කල කාඩ් පත ද සමග සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ වෙත එවීම.

11.  අනුමත ගෙවීම් කාඩ් පත් ආධාරලාභියාටද, මුදල් අදාල තැපැල් කාර්යාලය යැවීම පළාත් සමාජ සේවා කාර්යාලයෙන්ඉටු කෙරෙනු ඇත.  ඒ බව රෝගියාට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත දන්වනු ලැබේ.  දැනටමත් මහජනාධාර ලබන්නේ නම් එය අවලංගු කිරීමට ද උපදෙස් ප්‍රාදේශීය ලේකම් වෙත එවනු ඇත.

12.  සියලුම ගෙවීම් කාඩ්පත් (වප/සසේ/05 ආකෘතිය) වසර තුනකට වලංගු වන අතර මහජනාධාර, ක්ෂය හා ලාදුරු සඳහා වන කාඩ්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අලුත් කෙරේ.  පිළිකා, තැලසීමියා සහ විශේෂ රෝගාධාර සඳහා වන කාඩ්පත් සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලය හරහා අලුත් කෙරේ.

13.  ආධාර ලබන්නා සුජීවත්ව වාසය කරන බවත්, තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් සමාජ සේවා නිලධාරී තහවුරු කළ යුතු අතර සමාජ සේවා නිලධාරී විසින් ස්ථානීය පරීක්ෂණයකින් පසු එය අලුත් කිරීම නිර්දේශ කළ යුතුය.

14.  සමාජ සේවා නිලධාරී විසින් මාස හයකට වරක් ආධාර ලබන්නන් පිළිබඳව සොයා බැලිය යුතුය.

මහජනාධාර ගෙවීම යටතේ ව්‍යතිරේකයෙහි දක්වා ඇති කරුණු හා ස.සේ.නි වගකීම මෙහිදී ද එලෙසම පවතිනු ඇත.

 

බාගත කිරීම

  1. Application 09
  2. Application 10

Last Update :-

1st Jan 2023