ආදායම් උත්පාදක ක්‍රියාකාරකම් සඳහා දෙනු ලබන ආධාර

ආදායම් උත්පාදක ක්‍රියාකාරකම් සඳහා දෙනු ලබන ආධාර

මාසිකව ලබාගන්නා මහජනාධාර මුදලට වඩා වැඩි මුදලක් මාසිකව උපයා ගැනීමට දිරි ගැන්වීම, හා ජාතික ආදායමේ කොටස්කරුවන් වීමේ ස්වයං අභිමානයෙන් යුක්තතව ජීවත් වීමට පහසුකම් සැලසීම.

ක්‍රියාත්මක කිරීමේ ක්‍රම

01. මහජනාධාරලාභීන් සඳහා මහජනාධාර පුනරුත්ථාපන යෝජනා ක්‍රමය

02.  ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආබාධිත පුනරුත්ථාපන යෝජනා ක්‍රමය.

මේ යටතේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මත රුපියල් 10000/- ක උපරිමයකට යටත්ව ආධාර මුදලක් 2007.06.01 දිනෙන් පසුව ගෙවනු ලැබේ.  ඊට පෙර රු:  5000/- ආධාර ලබාගත් අය මෙහිදී නැවත නොසැලකේ.

මහජනාධාරලාභී පුනරුත්ථාපන යෝජනා ක්‍රමය

සුදුස්සන්

« දැනට මහජනාධාර දීමනා ලබන, තම දරුවන් රැකබලා ගත යුතු නිසා කිසියම් වැඩක නිරත විය නොහැකි, පාසල් යන වයසේ දරුවන් සිටින අවු:  55 ට අඩු ක්‍රියාශීලීව කිසියම් වැඩක නිරත විය හැකි වැන්දඹු කාන්තාවක් වීම.

« දැනට මහජනාධාර දීමනා ලබන නමුත් පවුලක් රැකීම සඳහා කිසියම් වැඩක නිරත විය හැකි ක්‍රියාශීලී වයස අවු:  60 ට අඩු අයෙකු වීම.

« නිශ්චිතවම තමාට ආදායමක් ලබාගැනීම හැකි යයි සිතෙන තම හැකියාව හා අවට සම්පත් උපයෝගී කරගෙන කළ හැකි සුලු ව්‍යාපාරික කාර්යයක් පිළිබඳ අදහසක් ඇති මහජනාධාර දීමනා ලබන අයෙකු වීම.

ආධාර ලබාදීමේ ක්‍රියා පරිපාටිය

« ඉල්ලුම්කරු විසින් ඔහු/ඇය පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තම අවශ්‍යතාවය දන්වා ඉල්ලීමක් කිරීම.

« ග්‍රාම නිලධාරී විසින් අදාල ඉල්ලීම තම නිර්දේශ සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදීම.

« ස්වයං රැකියා ආධාර ලේඛනයේ එම විස්තර සටහන් කර සමාජ සේවා නිලධාරීගේ නිර්දේශ සඳහා ඔහුට භාරදීම.  (විෂය භාර නිලධාරී විසින්)

« සමාජ සේවා නිලධාරි අදාල පුද්ගලයා හමු වී පවුලේ තොරතුරු හා ඉල්ලීමෙහි දක්වන ලද කරුණු ද, ස්වයං රැකියා යෝජනාව සම්බන්ධව ද පරීක්ෂා කර ව්‍යාපෘති යෝජනාව හා තම නිර්දේශ සහිත වප/සසේ/3/3 ආකෘතිය ප්‍රාදේශීය ලේකම්ට භාරදීම.

« අදාල ආකෘතිය ප්‍රාදේශීය ලේකම්ට ඉදිරිපත් කර නිර්දේශය ලබාගැනීම (විෂය භාර නිලධාරී විසින්)

« ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිත අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කිරිම.

« මූලස්ථාන සමාජ සේවා නිලධාරීගේ/පළාත් අධ්‍යක්ෂගේ නිරීක්ෂන වලින් පසුව අනුමත වන යෝජනා සම්බන්ධයෙන් වාරික දෙකකින් අදාල මුදල් ගෙවනු ඇත.

« අනුමත වන යෝජනා පිළිබිඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දන්වා 1 වන වාරිකය ගෙවීම සඳහා වපසසේ 09 හා පොදු 143 ආකෘතිය ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව ගෙන්වා ගැනීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත චෙක්පතින් මුදල් යවනු ඇත.

« ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂය භාර නිලධාරී විසින් ස්වයං රැකියා ආධාර ලේඛනයේ අදාල විස්තර සටහන් කර ආධාරලාභියාට මුදල් භාර ගැනීම සඳහා පැමිණීමට දන්වමින් මුදල් ලැබී ඇති බවට සමාජ සේවා නිලධාරී ද දැනුවත් කරමින් ගෙවීම් කටයුතු සඳහා චෙක්පත සහ වවුචර් ගිණුම් අංශයට භාර දෙනු ඇත.

« ආධාරලාභියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව මුදල් ගෙවා අත්සන් ලබාග් ගෙවූ ලියවිලි අප්‍රමාදවම සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කිරිම.

« ආධාරලාභියාගේ ස්වයං රැකියාව කර ගෙන යාම පිළිබඳව සමාජ සේවා නිලධාරීගේ නිරන්තර අධීක්ෂණය යොමු වේ.  ව්‍යාපෘතියේ ප්‍රගතිය මත දෙවැනි වාරිකය ගෙවීම තීරණය කෙරේ.  සතුටුදායක ලෙස කාර්මාන්තය දියුණු කර ගත් සේවාලාභියා වෙත දෙවැනි වාරිකය ගෙවීම සඳහා සමාජ සේවා නිලධාරී විසින් තම නිර්දේශ සහිත වාර්තාව ප්‍රාදේශීය ලේකම්ට භාරදෙනු ඇත.

« ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂය භාර නිලධාරි විසින් ස්වයං රැකියා ලේඛනයේ අදාල විස්තර සටහන් කර ආධාරලාභියාට දෙවැනි වාරිකය සඳහා සසේනි ගේ නිර්දේශය සහිත වාර්තාව සමග අදාල වවුචර් හා 143 ආකාතිය ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව සමාජ සේවා අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කිරිම

« සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලය අදාල ලියකියවිලි හා නිර්දේශ පරීක්ෂා කර බලා සෑහිමට පත් වන්නේ නම් දෙවැනි වාරිකය ගෙවීම අනුමත කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත චෙක්පතින් මුදල් යවනු ඇත.

« ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂය භාර නිලධාරී විසින් ස්වයං රැකියා ලේඛනයේ අදාල විස්තර සටහන් කර ආධාරලාභියාට මුදල් භාර ගැනීම සඳහා පැමිණීම දන්වමින්

මුදල් ලැබී ඇති බවට සමාජ සේවා නිලධාරී ද දැනුවත් කරමින් ගෙවීම් කටයුතු සඳහා චෙක්පත සහ වවුචර් ගිණුම් අංශයට භාරදෙනු ඇත.

« ආධාරලාභියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතරුව මුදල් ගෙවා අත්සන් ලබාගත් ගෙවූ ලියවිලි අප්‍රමාදවම සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කිරීමෙන් මෙම ක්‍රියාවලිය නිම වේ.

« එතෙකුදු වුවද සසේනි අධීක්ෂණය නිම නොවන අතර ආධාරලාභියාට ආධාර මුදල ලබාදී මාස 03 කට පසුව අදාල මහජනාධාර දිමනාව අත්හිටුවීමට කටයුතු කරනු ඇත.

« ආධාරලාභියා සාර්ථාකව ව්‍යාපාරය පවත්වා නොගතහොත් ඔහුට කලින් හිමිව තිබූ මහජනාධාරයද ව්‍යාපෘතිය සඳහා දෙවැනි වාරිකයට ද අහිමි වනු ඇත.

« මෙම වැඩසටහන යටතේ දිගින් දිගටම ආධාර ලබානොදෙන අතර ආධාර ලාබදිය හැක්කේ එක්වරක් පමණකි.

« එබැවින් ලිපි ලේඛන නිවැරදිව පවත්වා ගෙන යාමෙන් ආධාර දීම ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට වග බලා ගත යුතු වේ.

« නව නිලධාරීන් ගේ පැමිණීම සමග නැවත නැවත ආධාර ඉල්ලීමේ ප්‍රවණතා වැඩි හෙයින් නිලධාරින් ගේ විශේෂ අවධානය යොමු කිරිම අපේක්ෂා කෙරේ.

බාගත කිරීම

  1. Application 39
  2. Application 40

 

Last Update :-

1st Jan 2023