ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සේවාවන්

ජ්‍යෙෂ්ඨ  පුරවැසියන් සඳහා සේවාවන්

අරමුණ -: ක්‍රමයෙන් වැඩිවන වයෝවෘද්ධ ජනගහණය උදෙසා , වඩා යහපත් ජීවන තත්වයක් සුරක්ෂිත කරනු පිණිස දායක වීම.

සැපයෙන සේවාවන්

« මහජනධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීම

« අක්ෂී ශල්‍යකර්ම සඳහා කාච සැපයීම

« නේවාසික රැකවරණය සඳහා යොමු කිරීම

« නිවාස වෙනුවෙන් නඩත්තු හා ප්‍රතිශීර්ෂාධාර ගෙවීම

« ග්‍රාමීය වැඩිහිටි කමිටු හා ප්‍රාදේශීය හා පළාත් වැඩිහිටි බල මණ්ඩල පිහිටුවීම හා ශක්තිමත් කිරීමට දායක වීම, දැනුවත් කිරීම

« වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම

« අක්ෂි සායන හා වෛද්‍ය සායන සංවිධානය

« ඇස් කණ්ණාඩි සැපයීම


ක්‍රියා පටිපාටිය

මහජනාධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීම

« කිසිදු ස්ථීර ආදායමක් නොමැති වයස අවුරුදු 60 ඉක්මවූ  කාත් කවුරුත් සැකීමට නොමැති අසරණ ස්ත්‍රී. පුරුෂ දෙපක්ෂයම වෙනුනෙක් මාසික දීමනාවක් වශයෙන් මහජනාධාරයක් ලබා ගත හැකිය.


අක්ෂි ශල්‍යකර්ම සඳහා කාච සැපයීම

« ආබාධ සහිත පුද්ගලයින් සඳහා උපකරණ ආධාර සැපයීම යටතේ මේ ගැන දක්වා ඇති කරුණු මීට අදාල වේ.


නේවාසික රැකවරණය සඳහ යොමු කිරිම

« කිසිදු ස්ථීර ආදායමක් නොමැති වයස අවු:  60 ඉක්මවූ කාත් කවුරුවත් සැලකීමට නොමැති අසරණ ස්ත්‍ර, පුරුෂ දෙපක්ෂයම මේ සඳහා සුදුසුකම් ලබයි.

« එවැන්නෙකුට පදිංචි පළාතේ ග්‍රාම සේවා නිලධාරී වෙත ලිඛිත ඉල්ලීමක් කළ හැකිය.

« නිවාසගත කිරීමට අදාල පුද්ගලයාගේ හා පවුලේ විස්තර සහිතව එම ඉල්ලීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ග්‍රාම සේවා නිලධාරී විසින් යොමු කෙරේ.

« තමන්ගේ වැඩපල තමන්ටම කරගතහැකි, බෝවන රෝගයකින් හෝ මානසික රෝගයකින් නොපෙලෙන අයවලුන් මේ සඳහා තෝරාගනු ඇත.

« අදාල ඉල්ලීම පිළිබඳව සසේනි පුද්ගලිකව පරීක්ෂා කර වපසසේ 03 (2) ආකෘතියෙන් ප්‍රාදේශීය ලේකම්ට වාර්තා කිරීම

« ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සමග අදාල ආකෘතිය සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ වෙත යොමු කිරිම (විෂය භාර නිලධාරී විසින්)

« නේවාසික රැකවරණය ලබාදීම සඳහා ඉඩකඩ ඇති නිවාස වෙත පුද්ගලයින් යොමු කිරීම සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ කාර්යාලයෙන් කරනු ඇත.

« නිවාසගත වීමෙන් පසුව මහජනාධාරයක් ලබමින් සිටියහොත් එය ගෙවීම අත්හිටුවනු ලැබේ.

ග්‍රාමීය වැඩිහිටි කමිටු හා ප්‍රාදේශීය සහ පළාත් වැඩිහිටි බල මණ්ඩල

පිහිටුවීමට හා ශක්තිමත් කිරීමට දායක වීම, දැනුවත් කිරීම

« ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවීම පිළිබඳව ග්‍රාම සේවා නිලධාරින් දැනුවත් කිරිම (සමාජ සේවා නිලධාරී, ව්‍යාපෘති නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, සමජ සේවා පළාත් කාර්යාලය හා වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා)

« ග්‍රාම සේවා නිලධාරීන් මගින් ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවීම හා දැනුවත් කිරිම

« ක්‍රියාකාරී ග්‍රාමීය වැඩිහිටි කමිටු සඳහා මුදල් ආධාර නිර්දේශ කිරීම (ග්‍රාම සේවා නිලධාරී හා සමාජ සේවා නිලධාරී වාර්තා අනුව ප්‍රාදේශීය ලේකම් විසින්)

« වල නිලධාරීන් දැනුවත් කිරීම (ව්‍යාපෘති නිලධාරී), සමාජ සේවා පළාත් කාර්යාලය හා

වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා

වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම

« වයස අවු:  60 න් ඉහල සියළුම වැඩිහිටි පුද්ගලයින් වැඩිහිටි හැදුනුම් පත් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

« වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ඡායාරූප ශිල්පීන් මගින් වැඩිහිටි හැදුනුම්පත් සඳහා ඡායාරූප ගත හැකි අතර ඡායාරූපය හා වැඩිහිටි හැදුනුම් පත නොමිලයේ නිකුත්

කෙරේ.

« ග්‍රාමීය වැඩිහිටි කමිටුවල සාමාජිකයින් උදෙසා සසේනි මගින් ජංගම වැඩසටහන් සංවිධානය කර ගත හැකිය.

අක්ෂි සායන හා වෛද්‍ය සායන සංවිධානය

« ග්‍රාමීය වැඩිහිටි කමිටු වල මාසික ආදායම රු:  2000/- ට වඩා අඩුවෙන් ලබන සාමාජිකයින් උදෙසා අක්ෂි සායන පවත්වනු පිණිස සසේනි මගින් ජංගම වැඩසටහන්

සංවිධානය කර ගත හැකිය.

« අක්ෂි සායන වලදී ඇස් පරීක්ෂා කර, පසුව ඇස් කණ්ණාඩි සැපයේ.

« රෝහල් වල අක්ෂි සායනයෙන් ඇස් පරීක්ෂා කර නිකුත් කරන වට්ටෝරු අනුවද ඇස් කණ්ණාඩි සැපයේ.

« ග්‍රාමීය වැඩිහිටි කමිටු වල සාමාජිකයින් උදෙසා වෛද්‍ය සායන පවත්වනු පිණිස සසේනි මගින් ජංගම වැඩසටහන් සංවිධානය කර ගත හැකිය.

ඇස් කණ්ණාඩි සැපයීම

« ආබාධ සහිත පුද්ගලයින් සඳහා උපකරණ ආධාර සැපයී යටතේ දක්වා ඇති ක්‍රියා පරිපාටිය මීටද අදාල වේ.

 

බාගත කිරීම

  1. Application 33
  2. Application 34
  3. Application 35
  4. Application 36

 

Last Update :-

1st Jan 2023