පිළිසරණීය නිවාස ආධාර වැඩසටහන

පිළිසරණීය නිවාස ආධාර වැඩසටහන

සමාජ සෙවා දෙපාර්තමේනතුව - වයඹ

අරමුණ -: කිසිදු පිළිසරණක් නොමැති අසරණ නිවාස අහිමි පවුල් සඳහා නිවාස ආධාර මුදලක් (රු: 25000/=) ලබා දීම, ඔවුන් නිවසක ස්ථීර හිමිකරුවන් බවට පත් කිරීම,

ඔවුන්ගේ ජීවන තත්වය ගුණාත්මකව උසස් මටට්ටමකට ගෙන ඒමත්, ඒ තුලින් ඔවුන් රටේ ජාතික සංවර්ධනයේ කොටස් කරුවන් බවට පත් කිරීම.

v නිවාස ආධාර හිමිකරුවෙකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම්


I. ඉල්ලුම්කරු / ඉල්ලුම්කාරිය නමින් ඉඩමක හිමිකම් තිබීම.

II. මාසික ආදායම රු: 5000 /= අඩු වීම.

III. ස්වාමියා අහිමි වැන්දඹු කාන්තාවක වීම / පාසැල් යන වයසේ දරුවන් දෙදෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටීම.

IV. කිසිදු පිළිසරණක් නොමැති පවුල් ඒකකයක් වීම.

V. මහජනාධාරලාභියෙකු වීම.

VI. ප්‍රජාදායකත්වය ලබා ගත හැකි වීම.

VII. මෙම මුදල් උපයෝගී කරගෙන ස්ථීර නිවාසයක් ගොඩනගා ගැනීමට හැකියා ඇති බව.


v නිවාස ආධාර අයදුම්පත්‍ර නිකුත් කිරීම.

I. විෂය භාර ගරු අමාත්‍යතුමන්.

II. සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ මගින්


v ආධාර ලබා ගැනීම අයදුම්පත සමග ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන

I. ඉල්ලුම්කරුගේ ඉල්ලීම් ලිපියක් ( ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව )

II. ඉඩමේ අයිතිය සනාථ කිරීම සඳහා ඔප්පුවේ / බලපත්‍රයේ පිටපත් හෝ අයිතිය සනාථ කිරීම සඳහා ලිඛිත ප්‍රකාශයන්

III. රු : 5000 ට අඩු නව සම්මත කිරීම සඳහා ආදායම් සහතිකය

IV. මහජනාධාර / රෝගාධාර සහ වෙනත් රෝගීන් ආධාර ලබන්නේ නම එය සනාථ කිරීම සඳහා ගෙවීම් සහතික ( කාඩ්පත් ) ඡායා පිටපත්

V. ප්‍රජා දායකත්වය ලබා ගැනීම පිලිබඳ ලිඛිත ප්‍රකාශයන්

VI. නිවසේ ඇස්තමේන්තුව

VII. නිවසේ සැලැස්ම

II වන වාරිකය -: පළමු වාරිකය ලැබී නිවසෙහි ඉදිකිරීම් ජනෙල් මට්ටම දක්වා වැඩ අවසන් කල පසු අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ප්‍රාදේශීය ලේකම් වෙතින් ලිඛිත ඉල්ලීමක් කල පසු සමාජ සේවා නිලධාරිගේ ස්ථානීය පරීක්ෂාවක් මගින් සමාජ සේවා නිලධාරියාගේ හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයෙන් පසු පළාත් අධ්‍යක්ෂගේ අනුමැතියෙන් පසු ප්‍රාදේශීය ලේකම් වෙත චෙක්පත් මගින් මුදල් ලබා දේ.  ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රතිලාභියා වෙත අදාල මුදල ලබා දේ.

III වන වාරිකය -: III වන වාරිකය ගෙවනු ලබන්නේ II වන වාරිකය ලැබී වහල මට්ටම දක්වා වැඩ අවසන් වූ පසුව ආධාරලාභියා විසින් ප්‍රාදේශීය ලේකම්ගෙන් ලිඛිත ඉල්ලීමක් කල පසු සමාජ සේවා නිලධාරී මගින් ස්ථානීය ක්ෂේත්‍ර පරීක්ෂාවක් මගින් සමාජ සේවා නිලධාරිගේ හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයෙන් පසු සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ වෙත ලැබුණු පසු සමාජ සේවා අධ්‍යක්ෂගේ අනුමැතියෙන් පසු ප්‍රාදේශීය ලේකම් වෙත චෙක් මගින් මුදල් නිදහස් කිරීම - ප්‍රාදේශීය ලේකම් විසින් ආධාරලාභියාට මුදල් නිදහස් කරනු ලැබේ.

බාගත කිරීම

  1. Application 15
  2. Application 16
  3. Application 17
  4. Application 18
  5. Application 19
  6. Application 20
  7. Application 21
  8. Application 22

Last Update :-

1st Jan 2023